READBUD

Friday, July 22, 2011

නිළියන් සපයන ලද බවට සැක පිට ‘සාවිත‍්‍රි මැඩම්’ අත්අඩංගුවට

විවිධ තරාතිරමේ කාමාතුරයන්ට නවක ටෙලිනාට්‍ය නිළියන් පයන ලද බවට සැක පිට සාවිත‍්‍රි මැඩම්නමැත්තියක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඇතැයි වාර්තා වේ.
සැකකාරිය රාගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක් බවද පැවසේ.
මෙම සැකකාරිය බත්තරමුල්ල, කිරුළපන සහ කොළඹ ආශ‍්‍රිත ප‍්‍රදේශවල හෝටල්වලට ටෙලි නිළියන් සහ තරුණ ගැහැණු ළමුන් සපයා ඇත්තේ ජංගම දුරකථන හරහා කලින් සැලසුම් කර ගැනීමෙන් අනතුරුව බව හෙළී වී තිබේ.

ගණිකා වෘත්තියේ යෙදෙන නිළියන්ගේ තොරතුරු


කොළඹින් පිට පුද්ලගයින් කළමනානරුවන් ලෙස යොදා ගනිමින් තරුණ නිළියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ව්යාපාරයක් පිළිබඳව තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වි තිබේ. ‍මෙසේ ගණිකා වෘත්තියේ නියැළෙන තවත් නිළියන් රැසකගේ තොරතුරු මේ වන විට පොලීසියට ලැබෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් රජයේ නිල වෙබ් අඩවියක් සඳහන් කරයි.

ටෙලි නාට්ය නිළියක් විසින් පවත්වා ගෙන ගිය  ගණිකා ව්යාපාරයක් වැටලීමට මිරිහාන පොලීසියට හැකිවූ අතර මෙම සතිය තුළ පමණක් ටෙලිනාට්ය නිළියන් සිව් දෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මීට පෙර සතියකද ටෙලි නාට්ය නිළියන් දෙදෙනෙකු බත්තරමුල්ල හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මිරිහාන පොලීසියේ විශේෂ ඒකකයේ නිලධාරියෙකු පැවසීය. පොලීසියට ලැබුණු තොරතුරක් අනුව 13 ටෙලිනාට්ය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

රජයේ නියෝග මත පොලීසිය  මෙවැනි හෝටල් හා ගණිකා නිවාස වැටලීම අඛණ්ඩව  සිදු කරයි